Thursday, December 06, 2012

නන්නාඳුනන සිහිනය - රොමේෂ් සුගතපාල | Nannadunana Sihinaya - Romesh Sugathapala


_______________________
නන්නාඳුනන සිහිනය.....
¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯

(හිරුFM හි 'අනුත්තරා' හි තේමා ගීය)

නන්නාඳුනන සිහිනය වෙලා
තරු ඇස් කොනක හිත නවතලා
ආඩම්බර කතා ඉඟි පා තියා
මගෙ තනි හිතට ඔච්චම් කලා
මනමාලයි හිතේ පෙම් කතා
මහමෙර උසට හැඟෙනා නිසා
කවි හිත යට ලියා
නිද ළඟ හැංගිලා
සින්නක්කරම මට හිමිවෙලා


රෑක අහසට නැගලා
දඟකාරි හිත අල්ලලා
කෝල බැල්මක් හෙලලා
මගෙ හීන ගෙත්තම් කලා
වැසි වැසෙන කළුවර මකා
නිල් අහසෙ සිත්තම් කලා
ඔය හිත තාම මගෙ ළඟ නිසා
හීන ඇත්තක් වෙලා


නන්නාඳුනන සිහිනය වෙලා
තරු ඇස් කොනක හිත නැවතිලා
ආඩම්බර කතා ඉඟි පා ගියා
මගෙ තනි හිතට ඔච්චම් කලා...//
මගෙ තනි හිතට ඔච්චම් කලා..


ගායනය    : රොමේෂ් සුගතපාල
සංගීතය    : තිළිණ රුහුණගේ
පද රචනය : රකිතා වාකිෂ්ඪ




No comments:

Post a Comment

Popular Posts