Sunday, November 18, 2012

සඳක් වෙන්න බැරිනම්....



සඳක් වෙන්න බැරිනම් නුඹ හට
ඉරක් වෙන්න හැකිදෝ මා හට
වෙහෙස දැනෙන මේ ජීවිතේ..
වැවක් වෙන්න බැරිතැන නුඹහට
ඇයිද කීවෙ වෙන්න නිල්දිය
දුකක් ඉතිරි මේ ජීවිතේ...


සඳක් වෙන්න...


             සීත සෘතුවකට වෙලා
             මිය යන්න නම් එපා
             පෙම් කවක් ලියන්න ආසයි මට තවත්
             සෘතුවක් ඇතත් නැතත්
             හුස්ම ලන මගේ සිතුම්
             පණ ගසයි ඔබේ දෙපා මුල වැටී..


             සඳක් වෙන්න....


මා නොමැති හෙටක් ඇතත්
පිපෙන මල් යළිත් පිපෙයි
හිරු එළිය ඇවිත් තව දවසක් උදා වී
හමනා ඒ සුළං රැළෙත්
නෙත් කොනින් ළඟින් හමයි
නෙතු අගින් වැටුණු ඒ කදුලැල සීතලයි..


සඳක් වෙන්න....//




ගායනය    : ඉමාෂා මුතුකුමාරි
පද රචනය : මනුරංග විජේසේකර
සංගීතය    : දිලුම් තේජාන සහ ලහිරු පෙරේරා





No comments:

Post a Comment

Popular Posts