Friday, February 26, 2021

If you're a heavy torrent downloader you should try this https://www.seedr.cc/ service. It's fast reliable way to download your torrents. If you're a apple user this is the way to download torrent media files. Coz there isn't another way to install torrent application in your mobile or ipad. This is amazing and worth it.. Definitely you'll love it..

Sunday, April 07, 2013

ඔබ වෙනුවෙන්ම තමා - උදය ශ්‍රී වික්‍රමසිංහ | Oba Wenuwenma Thama - Udaya Sri Wickramasinghe




_______________________
ඔබ වෙනුවෙන්ම තමා.....
¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯

මුවරැදි හසරැල්ල පානා..
පායන සඳ ම සේ දිලෙනා..
දෑසක මා සෙව්ව සේමා..
පිවිතුරු ආදරේ ගලනා...

මගෙ හිත ලඟ දවසක නතර වෙලා..
බලනවනම් මුළු හිත පීරා...ඔබ
නොහිතු තරම් සෙනෙහස පුරවා..
දකිනා හිත ඔබ වෙනුවෙන්ම තමා..

මේ සීත රෑ යාමේ තුරුලේ හොවා..
උණුහුමක සුව දෙන්න උන්නේ බලා
නිදි නේන තුන් යාමේ හිත කිතිකවා
සුරලියක සේ ඉන්න මට ලංවෙලා...

මගෙ හිත ලඟ දවසක නතර වෙලා..
බලනවනම් මුළු හිත පීරා..ඔබ,
නොහිතු තරම් සෙනෙහස පුරවා..
දකිනා හිත ඔබ වෙනුවෙන්ම තමා..

දකිනා හිත ඔබ වෙනුවෙන්ම තමා....


ගායනය : උදය ශ්‍රී වික්‍රමසිංහ
පද රචනය : නන්දන වික්‍රමගේ
සංගීතය : උදය ශ්‍රී වික්‍රමසිංහ




තනිකම හුරු දෙනත පුරා - උදය ශ්‍රී වික්‍රමසිංහ | Thanikama Huru Denetha Pura - Udaya Sri Wickramasinghe




_______________________
තනිකම හුරු....
¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯
තනිකම හුරු දෙනත පුරා
උණු කඳුලැළි රූරා ගියා
ඔබ නෑ නෙත් මානේ
හමුවේවිද ආයේ...//


සිතු පැතුමක කඳුළු තියා
මට නොකියම ඉවත ගියා
හිමි දුක පිසදමමි කියා
සමනලියක් තුරුළුවුනා
මහදේ ගලනා
මේ දුක තාම ඔබ දන්නෙ නෑ//


තනිකම හුරු.....


තනිවුණු දුක මගෙම වෙලා
දින එක එක ගෙවිල ගියා
ඔබ ආවත් සිනහවෙලා
මගෙ හිත සනසන්න කියා
මහදේ ගලනා
මේ දුක තාම ඔබ දන්නෙ නෑ//


තනිකම හුරු.....


ගායනය     : උදය ශ්‍රී වික්‍රමසිංහ
පද රචනය  : කසුන් ප්‍රිමාල්
සංගීතය     : සඳරුවන් ජයසිංහ 








ලංවෙලා හිම සීතේ - උදේශ් ඉන්දුල | Lanwela Hima Seethe - Udesh Indula


____________________________
ලංවෙලා හිම සීතේ........
¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯


ලංවෙලා හිම සීතේ
පා නුරා නිල් දෑසේ
පෑ සෙනේහෙන්
මා මත්වෙලා
නිල් ගැබේ පායලා
පුන්ස‍ඳේ රැස්පවා
සිනාසී අප දිහා බලා උන්නා
ලංවෙලා හිම සීතේ
පා නුරා නිල් දෑසේ
පෑ සෙනේහෙන්
මා මත්වෙලා...


සුමුදු මල් පියල්ලේ
රූ දෙතොල් සිනාසී
මා හද විලේ ඔබ හැංගුණා
ඔය දෑතේ මුදු පහසින් මා
කිතිකැවිලා
ඔබේ පෙම් තුරුල්ලේ උණුසුම් වුණා


ලංවෙලා හිම සීතේ
පා නුරා නිල් දෑසේ
පෑ සෙනේහෙන්
මා මත්වෙලා


මහද රන් විමානේ
ලැගුම්ගත් සුගන්ධී
මේ නිල් විලේ අද හැංගිලා
හැම සුළ‍ඟේ මුසු සුවදින්
මා හද සලා
තැනූ පෙම් කැදැල්ලේ මා තනිකලා


ලංවෙලා හිම සීතේ....



ගායනය     : උදේශ් ඉන්දුල
පද රචනය : නන්දන වික්‍රමගේ
සංගීතය     : රොමේෂ් සුගතපාල




උ.පෙ - VeronZ | U.Pe (The A/L Exam Song) - VeronZ



____________________________
 උ.පෙ (The A/L Exam Song).....
¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯
¯¯¯¯¯¯¯

සඳට හොරෙන් මල්පෙති සිම්ඹට
මලට හොරෙන් පෙති කඩන්න බෑ
සඳ එළියෙන් ඒ මල් තෙමුනට
මලේ පාට යන්නෙත් නෑ
දවස් හතම ක්ලාස් ගියත් අපි
හොඳට ඉගෙන ගන්නෙත් නෑ
ඉදල හිටල වල බැස්සට අනෙ
අපිත් ඉතින් නරකම නෑ


බෑ බෑ අයියො අපොස උපෙ බෑ
මෙහෙම කරල කවදාවත් හරියන්නෙත් නෑ
නෑ නෑ නෑ අයියො කියල වැඩක් නෑ
අපොස උපෙ දිනන්න මෙහෙම කරල බෑ
බෑ බෑ අයියො අපොස උපෙ බෑ
මෙහෙම කරල කවදාවත් හරියන්නෙත් නෑ
නෑ නෑ නෑ අයියො කියල වැඩක් නෑ
exam දිනන්න මෙහෙම කරල බෑ


chemistry නම් චාටර්
maths නම් මට කොහොමත් බෑ
physics ඊට වඩා හපන්
කියනකොටත් මාර ජුවල්
chemistry මැඩම් මාවම කයි
maths සර් නම් තාමත් ෂේප්
physics සර් no talking
නෑ නෑ කියල වැඩක් නෑ

කන්දක් වගෙ homework
ඒ වගේම අනිත් work
ෆෝන් එකෙන් මල් කඩද්දි
No time for other work
කඩේ තියෙන හැම පොතක්ම
කෙල්ලට පේන්න අරන් ඇවිත්
උපෙ ඉවරවෙනකන් අනෙ
cabinet එකෙ මතකත් නෑ


බෑ බෑ අයියො....


ක්ලාස් කියල ගෙදරින් ඇවිත්
කෙල්ල එක්ක රවුම් ගහල
දවස තිස්සෙ කට්ට කාල
අතේ සතේ ඉවරවෙලා
ඉදල හිටල ක්ලාස් ගිහින්
කෙල්ල හින්ද රණ්ඩුවෙලා
වටින් පිටින් ගුටිත් කාල
ගෙදර යන්නෙ late වෙලා

ඔන්න මචං අක්කට මල
අම්ම ඊට වඩා හපන්
තාත්තනම් කොහොමත් වලි
කියනකොටත් මයිල් කෙලින්
මීයා වගේ ගෙට රිංගල 
තියෙන දෙයක් කාල බීල
ඇදට යනව ෂේප් එකේ
ෆෝන් එකත් අතේ තියන්


ජීවිතේ හොදම කාලේ අපේ 
උපේ කාලේ තමයි
කොච්චර වැඩ තිබුනත් අපි නම් 
ෆුල් ජොලියෙ තමයි
යාලුවො එක්ක සෙට්වෙලා
කෙලින්නෙ තනිකර පිස්සු තමයි
exam ලංවෙනකොට පේන්නෙ
දවාලෙ තරුම තමයි...//


සඳට හොරෙන්...
බෑ බෑ අයියො....



ගායනය : Veronz (අකිල,හර්ෂණ,ප්‍රසන්න,චන්දීර,ජනක්)
සංගීතය : අකිල හෑගොඩ
පද රචනය : චන්දීර හෙට්ටිආරච්චි






Thursday, December 06, 2012

ළබැඳියේ - ලහිරු පෙරේරා | Labendiye - Lahiru Perera


_______________________
ළබැඳියේ.......
¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯
ඔබ එන්න සුළඟේ දැවටිලා
මා ඉන්නෙ ඔබ දැන් එයි කියා
සුදු හංස තටුවේ සැතපිලා
පෙම් කරමු රහසේ සැඟවිලා

ළබැඳියේ..
ළබැඳියේ....
මා සිතින් සිරකලා..
ළබැඳියේ..
ළබැඳියේ....
මා සිතින් පෙම්කලා..

නා දල්ල වාගේ.. දිදුලනා
මුතු හාදු වැස්සෙන් මා තෙමා
ඔය දෙතොල් අතරේ සිරවෙලා
මට ඉන්න ඇත්නම් තනිවෙලා

ළබැඳියේ..
ළබැඳියේ....
මා සිතින් සිරකලා..
ළබැඳියේ..
ළබැඳියේ....
මා සිතින් පෙම්කලා..

කිරි කවඩි මාලේ මා ගොතා
ඔය ගෙලේ පළඳා හැඩ බලා
මා වින්ද සතුටේ නිම් සොයා
ඔබ යන්න සුළඟේ අප දමා

ළබැඳියේ..
ළබැඳියේ....
මා සිතින් සිරකලා..
ළබැඳියේ..
ළබැඳියේ....
මා සිතින් පෙම්කලා..


ගායනය    : ලහිරු පෙරේරා
පද රචනය : මනුරංග විජේසේකර
සංගීතය    : ලහිරු පෙරේරා









= ♫ ♪ The SoNG BooK (සිංදු පොත) ♪ ♫ =

ඔබ තරම් - තීක්ෂණ අනුරාධ | Oba Tharam - Theekshana Anuradha


_______________________
ඔබ තරම්.......
¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯


ඔබ තරම් පෙම් කල කිසිවෙක්
නැති තරම් මේ ලෝකයේ කොහෙවත්
ඔබට මං ආදරෙ බව මෙතරම්
වැටහුනේ ඔබ වෙන්වී ගියදා..
ඔය නෙතු හැඩවූ තරම්
ඔබ පෙම්‍ කෙරූ තරම්
අදහන්නත් බෑ
කොහෙ තිබුණාදෝ
මේ තරම් ආදරේ..
මේ තරම් ආදරේ...


රැය පුරා ඉකි ගසා
රතට හැරී දෙනුවන් හොරා
මල් සිනා මැවෙනවා
ගිලන් ඒ හද පාරලා...
ආයෙත් ඔබ මට හිමි වේ නම්
ආත්මයෙන් ඔබ අදහන්නම්
තවකෙකු හට හිත දී ඇත්නම්
සුභ පතලා ඈතට වෙන්නම්‍‍.....................


තනිවෙලා මා ලොවේ
හිරු නොනගින මේ වසන්තේ
දිවි තුරා විඳවමී
අහිමි කරන් මගෙ ආදරේ...
ආයෙත් ඔබ මට හිමි වේ නම්
ආත්මයෙන් ඔබ අදහන්නම්
තවකෙකු හට හිත දී ඇත්නම්
සුභ පතලා ඈතට වෙන්නම්‍‍...


ඔබ තරම්....

ගායනය    : තීක්ෂණ අනුරාධ
පද රචනය : ඩිලාන් ගමගේ
සංගීතය    : රදීෂ් වෙන්දෙබොන









= ♫ ♪ The SoNG BooK (සිංදු පොත) ♪ ♫ =

Popular Posts