Thursday, December 06, 2012

සිනාසෙන්න මට - රොෂාන් ප්‍රනාන්දු | Sinasenna Mata - Roshan Fernando














_______________________
සිනාසෙන්න මට.....
¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯

සිනාසෙන්න මට
අවසර දෙනු මැන
සිනාසෙන්න ආසයි..
හඩන්න අවසර
දෙනු මැන මා හට
හඩන්න මට ආසයි..
ඒ ඔබ වෙනුවෙන් පමණයි....

අතීතයේ එක් දවසක හමුවී
අපි දෙඩුවා මතකයි..
පුංචිම දේටත් විරසක වීලා
අපි හැඩුවා මතකයි..
කියාගන්න බැරි දහසක් සිතිවිලි
සිත පෙලුවා මතකයි..

සිනාසෙන්න මට..

දුටුව පලමු දා වගේම තාමත්
හිතට ඔබව සොදුරුයි..
ඔබ ළග ඇත්නම්
නිතර දකින්නට
මගේ ලොවම සොදුරුයි
ගෙවෙන අදට
වැඩියෙන් එළඹෙන හෙට
දවස අපේ සොදුරුයි......

සිනාසෙන්න මට....

ගායනය : රොෂාන් ප්‍රනාන්දු



Download Audio

= ♫ ♪ The SoNG BooK (සිංදු පොත) ♪ ♫ =

No comments:

Post a Comment

Popular Posts