Thursday, December 06, 2012

පැතු සෙනෙහේ සේයා රූ - පූර්ණ සචින්ත සහ කුෂාණි | Pathu Senehe Seya Roo - Poorna Sachintha with Kushani


_______________________
පැතු සෙනෙහේ සේයා රූ.....
¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯


පි  : පැතු සෙනෙහේ සේයා රූ
      මහදේ තියා
      ඇඳි සිතුවම් හොරැහින් මා
      ළඟටම තුරුල් වෙලා
      හිත පතුලට උණුසුම් සුසුමක්
      ඇවිදින් සොයා
      ඒ සෙනෙහේ තාමත් නෑ
      හීනයක් වෙලා


ගැ : කෝලම් කරන්
      ආවත් හිතයට ගුලිවෙමින්
      හිමි නුඹ වදන්
      මතකද නිල් අහසට තරම්
පි  : නොනිදා නෙතේ
      නැවතී ඉඳන්
      හිත ඈතින් ඈතට
      ආවම ලං වෙලා

දෙදෙනා : අපෙ හීනෙන් හීනෙට
              පාටක් ගෑවිලා


ගැ : මායම් හිතේ
      ආදර හැඟුමක් තවරමින්
      හුස්මක් දුරින්
      නැවතුණු හැටි පුදුමයි ඉතින්
පි  : රැදෙනා හිතේ
      සුසුමක් තරම්
      සංසාරෙම හුරු ඒ
      සුව‍ඳේ පැටලිලා

ගැ : මගෙ ජීවිත ගමනට
      ඔය නෙත ඉඟිකලා


පි  : පැතු සෙනෙහේ සේයා රූ
      මහදේ තියා
ගැ : ඇඳි සිතුවම් හොරැහින් මා
      ළඟටම තුරුල් වෙලා
පි  : හිත පතුලට උණුසුම් සුසුමක්
      ඇවිදින් සොයා
      ඒ සෙනෙහේ තාමත් නෑ
      හීනයක් වෙලා
      ඒ සෙනෙහේ තාමත් නෑ
      හීනයක් වෙලා


ගායනය : පූර්ණ සචින්ත සමඟින් කුෂාණි
සංගීතය : තිළිණ රුහුණගේ
(හිරුFM හි 'අනුත්තරා' හි තේමා ගී)







No comments:

Post a Comment

Popular Posts