_______________________
හිමි වුනු ඔබ මට.....
¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯
හිමි වුනු ඔබ මට අහිමි වෙලා..
කොහොමද වාවා ගන්නේ මා..
ආදරේ... පෑ ආදරේ....
නිදි නැති රැය ඔබ ගැනම සිතා..
මතකය පාරා කදුළු සලා..
ජීවිතේ... මේ ජීවිතේ....
සිතුවෙ නෑ - පැහැසර සිනා..
කුරිරු වී - හැරයයි කියා..
සිහින නෙලා පැලදුව දා - මල්මාල හිත් මානයේ...
සිහි වෙනවා උමතු සිනා - නිල්පාට නෙත් මායිමේ...//
ලංවුනේ වෙන්වෙන්න නම්
පෙම්කලේ තුරුලේ හිදන්..
ඇයි ඔයා.. මට මේ තරම්....
පෙම බිද දා හැර ගිය දා - දුක දැනුනෙ නැතිදෝ මගේ...
කදුළු හොරා වැටෙන තුරා - පිටුපෑවෙ ඇයි ජීවිතේ...//
ලංවුනේ වෙන්වෙන්න නම්
පෙම්කලේ තුරුලේ හිදන්..
ඇයි ඔයා.. මට මේ තරම්....
හිමි වුනු ඔබ මට...
ගායනය : මංජුල පුෂ්පකුමාර
සංගීතය : රදීශ් වැන්දබොන
පද රචනය : සජිත් චතුරංග
= ♫ ♪ The SoNG BooK (සිංදු පොත) ♪ ♫ =
No comments:
Post a Comment