Tuesday, November 20, 2012

දුක වැඩි තරමට - නොයෙල් රාජ් | Duka Wadi Tharamata - Noyel Raj



= ♫ ♪ The SoNG BooK (සිංදු පොත) ♪ ♫ =

දුක වැඩි තරමට.....


දුක වැඩි තරමට කඳුලු හෙලන්නට
නෙත තවමත් විවර වෙලා..
කවදාවත් හිමි නොවනට
ඔබ මාගෙන් ඈත්වෙලා..
හැඬවෙන නෙතඟට තරවටු කෙරුවට
කඳුලැල් නෑ නතරවෙලා..
හැමදාමත් රිදවන්නට
ඔබ ගියෙ ඇයි ඈත්වෙලා..


වෙනසක් නැහැ මගෙ සිහිනේ
තාමත් මල් පිබිදෙන්නේ..
රැවටුණු මේ හිත මාගේ
තනිවුණු බව නෑ දන්නේ..
මුළු යහන පුරා විඳි සුවඳ පවා නැත
දුක විතරක් ඉතිරිවෙලා..


දුක වැඩි තරමට...


කඳුලක් කඳුලක් ගානේ
ඔය රුවමයි සිහිවෙන්නේ..
මට නොලැබුණු ඔබෙ සෙනෙහේ
වෙනකුගෙ බව නෑ දැනුනේ..
ජීවිතය පුරා පැතු පැතුම් මකා ඔබ
දුක විතරක් උරුම කලා..


දුක වැඩි තරමට....




ගායනය     : නොයෙල් රාජ්
පද රචනය : කසුන් ප්‍රිමාල්
සංගීතය     : සඳරුවන් ජයසිංහ



= ♫ ♪ The SoNG BooK (සිංදු පොත) ♪ ♫ =








No comments:

Post a Comment

Popular Posts