Thursday, December 06, 2012

ඉඳුවරී තේමා ගීය - රයිනි චාරුකා ගුණතිලක සහ රුවන් හෙට්ටිආරච්චි | Induwaree Theme Song - Raini Charuka Gunathilaka & Ruwan Hettiarachchi


_______________________
‘ඉඳුවරී‘හි තේමා ගීය.....
¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯


ගැ : නුහුරු නෙතු දැල්විලා
      සිතක සිතුවම් වෙලා
      මා පාරනා තරම්
      ආදරේ හැඟුම්
      රහසේ..

පි  : නාඳුනන ආදරේ
      සෙනෙහෙ ලියකම් මවා
      මංමුලා වූ තරම්
      ආදරේ හැඟුම්
      අහසේ..


                    පි  : සිහින මානෙස විලේ
  
                        ගිලුනු ඉඳුවර කැකුලේ

   
                       මං දුරක වී බලා..

                          හිඳිමි පිපෙනතුරා

                    ගැ : පෙති මත අතුරා
                          සෙනෙහසක රටා
                          මම මංමුලා වෙලා..


ගැ : සංහිඳුනු ජීවිතේ
      දෙව්ලොවකි මං තලේ
      පිපෙමි මම පෙති විදා..
      දිනෙක නුඹෙම වෙලා..

පි  : දෝතින්ම නෙලා
      සුරකිමි සැමදා
      මගෙ ආදරෙන් වෙලා..


ගැ : නුහුරු නෙතු...
පි  : නාඳුනන ආදරේ...


ඉඳුවරී ටෙලි නාට්‍යයෙන්...



ගී පද    : අනෝමා විජයවර්ධන
සංගීතය : රෝහණ වීරසිංහ
ගායනය : රයිනි චාරුකා ගුණතිලක සහ රුවන් හෙට්ටිආරච්චි












= ♫ ♪ The SoNG BooK (සිංදු පොත) ♪ ♫ =

No comments:

Post a Comment

Popular Posts