Thursday, December 06, 2012

ආයෙමත් ආදරෙන් - ආත්මා ලියනගේ | Ayemath Adaren - Athma Liyanage




පෙනෙන නොපෙනෙන දුරක ඉඳන්
නුඹ ඇවිත් හිත ලඟට හොරෙන්
ආවාට නොකියාම ජීවිතෙන්
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්


          දකින හිමිවන හීනේ
          නුඹ කොතන හිටියා..
          මතක සැමරුම් අතරේ
          ජීවිතේ තිබුණා..
          හඬන හිනැහෙන නෙත් නුඹේ
          උරහිසේ තිබුනා..
          ඇත්තමයි නුඹ අහසක්
          වගේමයි සිතුනා..


නුහුරු නුපුරුදු හීන අරන්
ලඟට ඇවිදින් තුරුලු වෙමින්
ආවට නොකියාම ජීවිතෙන්
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්


          මිරිඟුවක හිත තියලා
          නුඹ දුරක ඇදුනා..
          රංචු ගැහෙනා රෑනේ
          තනිකමක් දැනුනා..
          ඇසිල්ලක දුටු හීනෙන්
          හිත හුඟක් රිදුනා..
          අරුත නොදකින සෙනෙහේ
          ඔය නමත් රැඳුනා..

          පෙනෙන නොපෙනෙන...



ගායනය     : ආත්මා ලියනගේ
පද රචනය : රචිතා වාකිෂ්ඨ
සංගීතය     : තිලිණ රුහුණගේ



No comments:

Post a Comment

Popular Posts