Thursday, December 06, 2012

පින්පාට ඇස් එක්ක - රොෂාන් ප්‍රනාන්දු | Pin Pata As Ekka - Roshan Fernando


_______________________
පින්පාට ඇස් එක්ක.....
¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯

පින්පාට ඇස් එක්ක - රන්පාට සඳඑළිය
ඇවිදින්න රහසින් කතා..
සපුරාම තහනම්ද - මේ මොහොත අද්දරට
අතුරන්න සෙවනැලි රටා..
පිනි සීත උදුරන්න - ළඟපාත දැවටෙද්දි
දඟකාර සුළඟක් හමා..
මේ හාදකම් මොටද - නන්නාදුනන සුළඟ
කරගාව කෙහෙරැලි වටා..

හොරැහින් බලා
රතුපාට සාරිය දිහා
ආඩම්බරේ...
නිල් දෑස දෝරේ ගලා
කොච්චර හෙමින් ආව කාලයද මේ
හැල්මේ දුවයි හතිදමා

විශ්වය නෙලා
මා ගාව තැබුවා වගේ
අදහන්න බෑ...
කිමිදෙන්නෙ රහසක් නොවේ
බැල්මක ලියා තියෙන පද පේලියේ
සිරගතව මම රාත්‍රියේ

පින්පාට ඇස්......



ගායනය    : රොෂාන් ප්‍රනාන්දු
පද රචනය : ප්‍රියාල් වීරසිංහ
සංගීතය    : රොෂාන් ප්‍රනාන්දු



= ♫ ♪ The SoNG BooK (සිංදු පොත) ♪ ♫ =

No comments:

Post a Comment

Popular Posts