Thursday, December 06, 2012

ඔබ තරම් - තීක්ෂණ අනුරාධ | Oba Tharam - Theekshana Anuradha


_______________________
ඔබ තරම්.......
¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯


ඔබ තරම් පෙම් කල කිසිවෙක්
නැති තරම් මේ ලෝකයේ කොහෙවත්
ඔබට මං ආදරෙ බව මෙතරම්
වැටහුනේ ඔබ වෙන්වී ගියදා..
ඔය නෙතු හැඩවූ තරම්
ඔබ පෙම්‍ කෙරූ තරම්
අදහන්නත් බෑ
කොහෙ තිබුණාදෝ
මේ තරම් ආදරේ..
මේ තරම් ආදරේ...


රැය පුරා ඉකි ගසා
රතට හැරී දෙනුවන් හොරා
මල් සිනා මැවෙනවා
ගිලන් ඒ හද පාරලා...
ආයෙත් ඔබ මට හිමි වේ නම්
ආත්මයෙන් ඔබ අදහන්නම්
තවකෙකු හට හිත දී ඇත්නම්
සුභ පතලා ඈතට වෙන්නම්‍‍.....................


තනිවෙලා මා ලොවේ
හිරු නොනගින මේ වසන්තේ
දිවි තුරා විඳවමී
අහිමි කරන් මගෙ ආදරේ...
ආයෙත් ඔබ මට හිමි වේ නම්
ආත්මයෙන් ඔබ අදහන්නම්
තවකෙකු හට හිත දී ඇත්නම්
සුභ පතලා ඈතට වෙන්නම්‍‍...


ඔබ තරම්....

ගායනය    : තීක්ෂණ අනුරාධ
පද රචනය : ඩිලාන් ගමගේ
සංගීතය    : රදීෂ් වෙන්දෙබොන









= ♫ ♪ The SoNG BooK (සිංදු පොත) ♪ ♫ =

No comments:

Post a Comment

Popular Posts