Thursday, December 06, 2012

නිම් තෙරක් නැති - සජාන් වික්‍රමරත්න | Nimtherak Nathi Adare - Sajhan Wickramarathne


_______________________
නිම් තෙරක් නැති ආදරේ.....
¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯


නිම් තෙරක් නැති ආදරේ
ඔත් බැ‍ඳන් සිත් මාළිගේ..
නුඹට ලංවී උන් මගේ
වතට දැන් සීතල දැනේ..
ඈත කඳුරට සීතලේ
තනිව ගෙවෙනා යෞවනේ..
ඇස නොගැටෙනා මානයේ
නුඹ සොයා මා සිත ඇදේ..


ඈත හමනා මදනලේ
මොහොතකට කම්පා වෙලා..
මගේ හදවත උහුලනා
තරම් ඇය හට දන්වපන්..


සරුවුනත් දෑතම මගේ
කුමට නුඹ නැති ලෝකයේ..
ගෙවන්නට මතු ජීවිතේ
හනික එන්නෙමි නුඹ සොයා..


නිම් තෙරක්....

ගායනය    : සජාන් වික්‍රමරත්න
පද රචනය : බර්නාඩ්
සංගීතය    : සජාන් වික්‍රමරත්න












= ♫ ♪ The SoNG BooK (සිංදු පොත) ♪ ♫ =

No comments:

Post a Comment

Popular Posts