Tuesday, November 27, 2012

සාගරේ තරම් - ධම්මික එදිරිසිංහ | Sagare Tharam - Dammika Edirisinghe




_______________________
සාගරේ තරම්.....
¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯

සාගරේ තරම්
ආදරේ අරන්
සරා සිහිනයේ නැවතිලා
පිරූ මතකයෙන්
සිනාමල් හොයන්
පැතුසේ මා සිතුම් පූදලා
නුරා මල් හැඟුම් ඇහැරලා
සදා ජීවිතේ නුඹවෙලා


                            ආදර කවියේ දුරක ගිහිල්ලා
                            ජීවිත හීනෙට පාටක් දුන්නා
                            හීසර හිතයට කොනකින් තියලා
                            සුළඟට ඒ පෙම් කතාව කිවුවා
                            තනිකම රෑ
                            තුරුලේ උන්දා
                            හොරෙන්ම ඇවිදින්
                            හිටියද මන්දා


                            සාගරේ තරම්....


පාවෙන සුසුමේ උණුහුම හංගා
හීතල දෙතොලින් දෙකොපුල ඉම්බා
සාගර රළ හා තනුවක රන්දා
ආදරණීයම කවියක් ලිවුවා
ඇසිපිය ගෑ ඒ
හීනේ දුටු දා
සෙනෙහෙට ගැඹුරක්
කොහෙන්ද මන්දා


සාගරේ තරම්....


ගායනය : ධම්මික එදිරිසිංහ
සංගීතය : තිළිණ රුහුණගේ






= ♫ ♪ The SoNG BooK (සිංදු පොත) ♪ ♫ =

No comments:

Post a Comment

Popular Posts