ඔබේ දෙතොල් පෙති ලිහී
පිපුණු හසරැල් විලේ..
හද දියඹ ගලා යයි
රැළි ලමින් සැලි සැලී..
මෙවන් සුව පෙර නොවිදි
තුන් සිතම සලිත වේ..
සසර සැරි සරන තෙක්
ඔබ මගේ.. ඔබ මගේ..
හිරු නිවී මුහුදු තෙර
රාත්‍රිය එළඹිලා..
තරු කඩා වැටෙන විට
අහස් ගඟ කළඹලා..
මට බලා ඉන්න බෑ
ඔබෙ නුවන් පෙනෙනවා..
සසර සැරි සරන තෙක්
ඔබ මගේ.. ඔබ මගේ..
නා ගසක් දළු දමා
වසන්තය එළඹිලා..
මද පවන් රැල් වැදී
සැලෙන විට කැළඹිලා..
මට බලා ඉන්න බෑ
දෙතොල් ඔබෙ පෙනෙනවා..
සසර සැරි සරන තෙක්
ඔබ මගේ.. ඔබ මගේ..
යුග ගණන් පැමිණි මඟ
පැටලිලා වැරදිලා..
ඔබ මගෙන් වෙන්ව ගිය
ලකුණු ඇති මාවතේ..
මට බලා ඉන්න බෑ
පෙර ඇසුර හැඟෙනවා..
සසර සැරි සරන තෙක්
ඔබ මගේ.. ඔබ මගේ..
අහස්තල පොලෝතල
ඔබට මට පොදුවෙලා..
හදවතින් එක් වුණත්
ගතින් දෙදෙනෙකු වෙලා..
මට බලා ඉන්න බෑ
සියොලඟම තැවෙනවා..
සසර සැරි සරන තෙක්
ඔබ මගේ.. ඔබ මගේ..
ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
No comments:
Post a Comment