ගැ : ඉවසයිද මන්දා මා දුන් රිදුම්
වෙන්වීලා ආ දා වෙනතක් බලන්
උන්නාට මා රහසේ
තුරුලක හෙමින්
මට ඉන්න බෑනේ
මතකෙට හොරෙන්..
පි : තනියෙන්ම වින්දා දුන් දුක් සුසුම්
තව කඳුලු නෑනේ දෙනෙතේ ඉතින්
ගියදාම ඔබ ඔහු හා
ඉගිල්ලී හොරෙන්
මට මාද නැතිවුණා
සත්තයි හෙමින්..
පි : ගොලු වෙච්ච තරු දෑසේ
කඳුලැල් උනන්නේ
දරාගන්න බෑනේ
මතකේ විලාපේ..
ගැ : ආදරේ ඔබෙන් තරම්
ලැබුනෙ නෑ කාගෙන්වත්..
රැකගන්න බැරි වුණේ
සංසාර ආදරේ..
පි : ගියදාම ඔබ ඔහු හා
ඉගිල්ලී හොරෙන්..
මට මාද නැතිවුණා
සත්තයි හෙමින්..
ගැ : මේ පාලු දුක් සිහිනේ
අතරමං වෙලා බොහොසේ
ආයෙ ගන්න බෑ ඒ
සෙනෙහස ඔබේ
පි : ජීවිතයම වැටුණු තරම්
නැගිටගන්න බෑ ආයේ
මැරි මැරී උපදී මේ
සංසාර ආදරේ
ගැ : උන්නාට මා රහසේ
තුරුලක හෙමින්
මට ඉන්න බෑනේ
මතකෙට හොරෙන්
ගැ : ඉවසයිද මන්දා මා දුන් රිදුම්....
පි : තනියෙන්ම වින්දා දුන් දුක් සුසුම්...
ගායනය : අතුල අධිකාරි සහ සමිතා මුදුන්කොටුව
පද රචනය : ඩිලාන් ගමගේ
සංගීතය : උදාර සමරවීර
No comments:
Post a Comment