Thursday, December 06, 2012

නෙතට උළෙලක් - කරුණාරත්න දිවුල්ගනේ | Nethata Ulelak - Karunarathna Divulgane


_______________________
නෙතට උළෙලක්.....
¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯


නෙතට උළෙලක් විය එදා ඔබ
කඳුළු බිඳුවක් වුව මෙදා
මේ තරම් හිත පාරවන්නේ
මගෙන් වරදක් වුණිද මන්දා...//


ඔබෙන් තොර වූ ලෝකයක් ගැන
හිතන්නටවත් නොහැකි හින්දා
ඔබේ සිත වෙන අතක රන්දා
එපා දුක ගෙන එන්න කැන්දා


නෙතට උළෙලක්...


ඔබේ රුව රසඳුනක් වූවට
කමක් නෑ මට තවත් ඇසකට
නමුදු ඒ රුව තවත් කෙනෙකුට
අයිති වෙනු බෑ දරාගන්නට


නෙතට උළෙලක්....//


ගායනය : කරුණාරත්න දිවුල්ගනේ
ගී පද    : මහින්ද දිසානායක
ගී තනු   : ගුණදාස කපුගේ




= ♫ ♪ The SoNG BooK (සිංදු පොත) ♪ ♫ =

No comments:

Post a Comment

Popular Posts